ඔහු මේ බව පැවසුවේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති නිරිතදිග මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම දිනවල පවතින වර්ෂාවත් සමග සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් ආශ්‍රිතවද ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව කියා සිටි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂවරයා, අදාළ විදුහල්වල විදුහල්පතිතුමන්ලා, එම ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, එකතු වී මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට ක්‍රියා කරන බවද සඳහන් කළේය.
ඩෙංගු මර්දන ඒකකය මගින් මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 150කට ආසන්න ප්‍රදේශයක් අධි අවදානම් ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇති බවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන ඒකකයත් ත්‍රිවිධ හමුදාවත් පොලීසිය සහ අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලුම පාසල් ආවරණය වන පරිදි ඩෙංගු වළක්වාගැනීමේ විශේෂ කටයුතු අරඹා ඇතැයිද ඔහු පැවසුවේය.
ඩෙංගු මදුරුවන් බෝවිය හැකි වතුර එකතු වන ස්ථාන ඉවත් කිරීමටත් ඒවා විනාශ කිරීමටත් හොදින් සුළග ලැබෙන විට හොදින් හිරු එළිය වැටෙන විට මදුරුවන් රැදී සිටීම අවම වන බැවින් මෙම පාසල් අවට පරිසරයේ පසුගිය කාලසීමාවෙහි වර්ධනය වී ඇති ගස් කොළන් කපා ඉවත් කිරීම වැදගත් බවද වෛද්‍ය බටුවන්තුඩාව මහතා පැවසීය.
විභාගයට සහභාගී වන දරුවන් මදුරු විකර්ශකයක් භාවිතා කිරීම වැදගත් බව සිහිපත් කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා නිවෙස් තුළ පරිසරයෙන් දරුවන්ට ඩෙංගු වැළදීමේ හැකියාව අවම කිරීම සදහා සැලකිලිමත් වන ලෙස දෙමාපියන් හටද අවධාරණය කළේය. යම්කිසි රෝග ලක්ෂණයක් මතුවූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
කොවිඩ් රෝගය සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයින් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීම සදහා මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉෂංකා තලගල මහත්මිය කියා සිටියේ මේ වන විට ලංකාවේ කොවිඩ් රෝගය අඩු වුවද එය තුරන් වී නොමැති බැවින් දෙමාපියන් සහ දරුවන් මෙම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළ යුතු බවය.
එනම් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවන් අතර කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වූ දරුවන්, කොවිඩ් ලෙ තහවුරු නොවූ සැලකිය යුතු ලෙස රෝග ලක්ෂණ පෙන්වන දරුවන් සහ කොවිඩ් වැළදී රෝහල්ගතව සිටින දරුවන් යන සියලු පාර්ශව සදහා සාමාන්‍යපෙළ විභාගයට මුහුණදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශයක් නිකුත් කර ඇති බවද, ඒ පිළිබදව ප්‍රාදේශීය සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු අදාල සියලු නිලධාරීන් දැනුවත් කර ඇතැයිද මෙම කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මාර්ගෝපදේශයන්ට අනූව දරුවන් කටයුතු කිරීම වැදගත් බවද ඇය පැවසුවාය.
මෙම දිනවල පවතින ගංවතුර අවදානමත් සමග ගංවතුරට නිරාවරණය වුවහොත් මී උණ රෝගය වැළදීමේ අවදානමක් පවතින බැවින් අදාල ප්‍රදේශ වල වෙසෙන්නන් උණ සෑදුණහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන ලෙසද ඇය අවධාරණය කළාය.