පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහනවලට ඉන්ධන ලබාදීම සම්බන්ධව අද (19) පාර්ලිමේන්තුවේ විවාදයක් ඇති වූ අතර එහිදී විපක්ෂය විසින් දැක්වූ අඳහස්වලට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ බව පැවසීය.
පවතින තත්ත්වය සළකාබලා මන්ත්‍රීවරුන්ට මේ සතියට පොලීසියේ ගාරාජයෙන් ලබාගැනීමට කතානායකතුමා ඉල්ලීමක් සිදු කළා.09 වැනිදා සිදුවීමෙන් මන්ත්‍රීවරුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් සිදු වුණා. එවැනි තත්ත්වයක් යටතේ පොලිම්වල මන්ත්‍රීවරුන් සිටිමෙන් ඇතිවන තත්ත්වයට කවුද වගකියන්නෙ. ඒ නිසයි ඉල්ලීමක් කළේ, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා මෙය කරන්න කියලා. මෙතැන අප බාල ප්‍රචාරය සඳහා කතා කළොත් සිදුවන්නේ මිනිසුන් අතර වෛරයක් ඇති විම පමණයි.
මම හැමෝටම ආරාධනා කරනවා. මේක රටේ ප්‍රශ්නයක්. මම අගමැතිතුමාට කිව්වා, මහල් නිවසවල ජානතාවට කෑම උයලා දෙමු කියලා.කැබිනට් එකට යෝජනා කළා ඇමති වරප්‍රසාද ගන්නේ නැතිව වැඩ කරමු කියලා.ඒ නිසා බාල ප්‍රචාර සඳහා ප්‍රකාශ කිරීමෙන් වළකින්න.මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා.වෛරය වැපුරුවහොත් පාරට බහින්න බැරි වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.