නිරිත දිග මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ස්වභාවික ආපදා පිළිබඳව අද ( 19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් ලැබෙන්නේ නිරිත දිග මෝසම් වර්ෂාවෙන් බව පෙන්වා දෙන ජයවර්ධන මහත්මිය මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල ජලාශවලට 60% ක වර්ෂාව ලැබී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.
දිවයිනේ ගංගා ද්‍රෝණි රැසක ගංවතුර තත්වයක් ඇති විය හැකි බැවින් මහඔය , අත්තනගලු ඔය, කැළණි ගඟ , කළු ගඟ , නිල්වලා ගඟ , සහ ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබඳව සැළකිළිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( ජලවිද්‍යා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා පවසයි.
තවද රත්නපුර , ගාල්ල , මාතර , කළුතර , ගම්පහ දිස්ත්‍රික්කයන්ද පුත්තලම , කුරුණෑගල දිස්්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටද ගංවතුර අවධානමක් ඇති විය හැකි බවද ඒ මහතා පෙන්වා දේ.ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , තවලම ප්‍රදේශවලද මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රදේශයටද රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රදේශවලටද ක්ෂණීක ගංවතුර තත්වයන් ඇති විය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයකින් පසුවන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
අද වන විට ජලවිදුලි උත්පාදනය 50%ක දක්වා වැඩි වී ඇති බව පෙන්වා දෙන ඒ මහතා මහවැලි කලාපය ආශ්‍රිතව 45%කට ආසන්න ජල මට්ටමක් ලැබී ඇති බවද කැළණි ගඟ කාලස් රී සහ මාවුස්සාකැලේ ජලාශවල 50% ක ආසන්න මට්ටමකට ජලය ලැබී ඇති බවද පැවසීය.
දිස්ත්‍රික්ක 14 ක යම් යම් කොටස්වල නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම් තත්ව හඳුනා ගෙන ඇති බවත් ඒ පිළිබඳව පුර්ව නිවේදකන නිකුත් කරන බවත් මෙම දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
මෙම වර්ෂා තත්වය මේ මස අවසන් වන තුරු පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දෙන දත්ත මත පදනම් ව දිවයින පුරා නායයාම් හඳුනාගත් ප්‍රදේශවල ස්වයංක්‍රීය වර්ෂාමාන 325ක් ස්ථාපිත කොට ඇති බවත් එමගින් ලැබෙන දත්ත ඇසුරින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.තවද හදිසි අවස්ථාවන්ට සම්බන්ධ කර ගැනීමට නිලධාරීන් දිස්ත්‍රික් කාර්යාලවලට යොදවා ඇති බවද ඒ මහතා කියා සිටී.
නිරිත දිග මෝසම් වර්ෂාව පිළීබඳව අවධානය යොමු කරමින් පසුගිය කාලයේදී දිස්ත්‍රික්ක මට්ටමින් පෙර සූදානම් කටයුතු සිදු කළ බවත් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන ආපදාවන්ට ලක් විය හැකි ප්‍රදේශවල සියලුම විස්තර ඇතුළත් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් ( විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පවසයි.
ඒ අනුව එම මාර්ගෝපදේශ සංග්‍රහය විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා වෙත පිළීගැන්වීමද මෙහිදී සිදු කෙරිණි. තවද ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශවල සහය සඳහා ත්‍රිවිධ හමුදාව දිස්ත්‍රික් මට්ටමෙන් සහ ප්‍රාදේශීය මට්ටමෙන් ස්ථානගත කර ඇති බවත් මේ වන විට දිස්ත්‍රික්ක 16කට අයත් පවුල් 2732කට අයත් පුද්ගලයන් 10635ක් ආපදාවලට ලක් වී ඇති බවද රණසිංහ මහතා පැවසීය.තවද නිවාස 765කට සහ වෙළඳ ස්ථාන 27කට සාමාන්‍ය හානි සිදුව ඇත.පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙන බැවින් ඉදිරියේදී ලබා දෙන අවවාද පිළීගනිමින් කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක්කෙ රේ.
හදිසි ආපදා තත්වයන් පිළිබඳව 117 අංකය අමතා දැනුවත් කරන ලෙසත් ආපදා කමනාකරණ දිස්ත්‍රික් ක්‍රියාන්විත මධ්‍යස්ථාන පැය 24 පුරා ක්‍රියාත්මක වන බවත් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරුන් හා සම්බන්ධීකරණයෙන් කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.