ගෘහස්ථ ගෑස් සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අද (19) පාර්ලිමේන්තුවේ දී කරුණු පැහැදිළි කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ගෑස් ප්‍රශ්නය පිළිබඳ තමන් ඊයේ දින ප්‍රකාශයක් කළ බවත් ඊයේ රාත්‍රී අට වන තුරු ලොරි යොදවා නොතිබූ බවත් එම නිලධාරින් පාර්ලිමේන්තුවට කැඳවන බවත් අග්‍රාමාත්‍යවරය කීය.
එමෙන් ම ඉදිරියේ දී අමාත්‍යවරු පත් කිරීමේ දී අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැති බව ද අමාත්‍යවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීමටත් සාකච්ඡා සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.