එක් නැවක් හෝ ප්‍රමාද වුවහොත් නැවතත් මෙම ගැටළුව ට මුහුණ දීමට සිදුවන බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ රටේ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
වැඩි දුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා හෙට (20) දිනයේදී ඩීසල් මෙට්ට්‍රික් ටොන් 30,000ක් සහ සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 7000ක් ලැබීමට නියමිත බව අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය 18 දා ඉන්ධන නෞකාවක් පැමිණි බවත් , මාර්තු 28කට පැමිණි නැවක්ද ගැඹුරු මුහුදේ නැංගුරම් ලා තිබූ බවත් , එයටද මුදල් ගෙවීමට බලාපොරොත්තු වන බව කීය. තවද අප්‍රේල් මාසයේ පැමිණි තවත් ඉන්ධන නැවකටද මුදල් ගෙවීමට බලාපොරොත්තු වන බවද කීය. ඉන්දියන් කෙඩිට් ලයින් ඔස්සේ තවත් ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 38,000ක් ලැබීමට නියමිත බවද කීය.
දැනට ඇනවුම් කළ ඉන්ධන සංචිත ජූනි මස මැද වෙන තෙක් ප්‍රමාණවත් බවත් තෙල් සංස්ථාව ජූනි මාසය සඳහා ඉන්ධන ඇනවුම් කරගෙන යන බව තමාට දැනුම් දී ඇතැයිද අගමැතිවරයා පැවසීය.