පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

    මැයි 20, 2022

    ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දීර්ඝ කෙරේ

    "මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ" කාල සීමාව 2022 ජූනි 30 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, එම විශේෂ කාරක සභාවේ සභාපති, සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ(.19 ) ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි විය.

    2021.04.05 පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ යෝජනාව අනුව, මෙම කාරක සභාව ස්ථාපිත කළ අතර 2021 මැයි 17 එහි පළමු රැස්වීම පැවැත්විණි.

    දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, අදාළ වෙනත් ආයතන හා සංවිධාන නියෝජිතයන් මෙන්ම අදාළ වන විද්වතුන් ඇතුළු පාර්ශව රැසක් මෙම විශේෂ කාරක සභාව හමුවට පසුගිය කාලයේ කැඳවූ බව, එහි සභාපති සභානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කිරීමේ කටයුතු සිදු කරන බවද ඔහු පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya