පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නියෝජ්‍ය කථානායකධූරයේ වැඩ අරඹයි

    මැයි 20, 2022

    පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා (19) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී නියෝජ්‍ය කථානායකවරයා ලෙස සිය ධූරයේ වැඩ ආරම්භ කළේය.


    හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඔලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු නව නියෝජ්‍ය කථානායකවරයා තෝරාපත්කරගැනීම සඳහා නම් දෙකක් පාර්ලිමේන්තුවේදී යෝජනා වූ අතර මෙහිදී වැඩි ඡන්ද 31 ලබාගනිමින් ගරු අජිත් රාජපක්ෂ මහතා පසුගිය (17) දා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ 29 වැනි නියෝජ්‍ය කථානායකවරයා ලෙස තේරී පත්විය.

    අජිත් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු හම්බන්තොට හුංගම විජයබා ජාතික පාසැලෙහි ආදි ශිෂ්‍යයෙකි. ගරු අජිත් රාජපක්ෂ මහතා ලංකාවේ ලබාගතම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස 1997 වසරේදී අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තේරී පත්විය. එසේම ඔහු 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත්විය. එතැන් පටන් 2020 වසර දක්වා වසර 21 කට ආසන්න කාලයක් පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස දකුණු පළාත්සභාව නියෝජනය කළ අතර 1999 වසරේදී ඔහුට ශ්‍රී ලංකාවේ ලාබාලතම පළාත් සභා මන්ත්‍රීවරයා ලෙස ජාතික යොවුන් සම්මානයද හිමි විය. එසේම හෙතෙම දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කර තිබේ.

    නියෝජ්‍ය කථානායකවරයා සිය ධූරයේ වැඩ ආරම්භ කළ මෙම අවස්ථාවේ ආගමික වතාවත් ඉටුකිරීම සඳහා මුල්ගිරිගල මැටිගන්නල රම්බා රජමහාවිහාරයේ විහාරාධිපති, මාතර හම්බන්තොට දෙදිසාවේ
    ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිගල්ලේ සරණපාල නාහිමි, ඉතාලියේ ප්‍රධාන සංඝනායක, අම්බන්තොට ථේරපුත්තාභය රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නාහිමි සහ හාතාගල රජමහාවිහාරයේ විහාරාධිපති, බස්නාහිර පළාත් බෞද්ධ කටයුතු අධ්‍යක්ෂ පූජ්‍ය වංගීෂ්වර නාහිමි සහභාගී වූහ.

    එසේම මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ඩී.වී. චානක, යදාමිණී ගුණවර්ධන, ගුණතිලක රාජපක්ෂ, සිසිර ජයකොඩි, සමන්ප්‍රිය හේරත්, ඩී. වීරසංහ, අරවින්ද් කුමාර්, ජගත් පුෂ්පකුමාර, චන්දිම වීරක්කොඩි, බී.වයි.ජී. රත්නසේකර, (වෛද්‍ය) උපුල් ගලප්පත්ති සහ මධුර විතානගේ යන මහත්වරු සහභාගී වූහ.

    තවද පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ අජිත් රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya