පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නිරිත දිග මෝසම් වැසි සමයේ හානි අවම කරගැනීමට සැලසුම්.

    මැයි 20, 2022

    නිරිත දිග මෝසම් වර්ෂාව සමයේ පෙර වසර වල දත්ත අනුව දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක හදිසි ආපදාවන් පාලනය සඳහා මාර්ගෝපදේශ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

    හදිසි ආපදා පිළිබඳව මේ වනවිට දිස්ත්‍රික්ක මට්ටමින් පෙර සූදානම් සාකච්ඡා සිදු කර අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් ( විශ්‍රාමික ) සුදන්ත රණසිංහ මහතා (19) නිරිත දිග මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ස්වභාවික ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

    දිස්‌ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්,ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ එක්ව ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කොට තිබේ. මෙම වසරේ නිරිත දිග මෝසම් වර්ෂාව අනෙක් වර්ෂ වලට වඩා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම නිසා තරමක අභියෝගයක් වී තිබේ. ගංවතුර හා නායයෑම් නිසා විභාග අපේක්ෂකයන්ට සිදුවිය හැකි හානි අවම කරගැනීමට, විභාග ශාලා හා විභාග අපේක්‍ෂකයන්ගේ නිවෙස් ආශ්‍රිතව සිදු විය හැකි හානි සහ ඒ සඳහා ගත හැකි විසඳුම් පිළිබඳව Access to Examination Amidst Disaster මාර්ගෝපදේශයේ ඇතුළත් කර ඇත. එම මාර්ගෝපදේශය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් ( විශ්‍රාමික ) සුදන්ත රණසිංහ මහතා විසින්, විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.බී.ධර්මසේන මහතා වෙතට නිල වශයෙන් භාර දීමද  සිදුවිය.

    ඇතිවිය හැකි ආපදා වළක්වා ගැනීමට ඒ පිළිබඳව දැනුවත් වීම සහ ආපදාවක් සිදු වුවහොත් දැනුවත් කිරීම සඳහා 117 ක්‍ෂණික දුරකතන අංකය අමතා අදාල සේවාව ලබා ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

    කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරෝමනි ජයවර්ධන, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජල විද්‍යා ඉංජිනේරු එස්.පී.සි.සුගීශ්වර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම හා ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉෂංකා තලගල, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව යන මහත්ම මහත්මීහු වර්ෂාව නිසා ඇතිවිය හැකි රෝග, අනතුරු වළක්වා ගැනීම සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම පිළිබඳව දැනුවත් කරමින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya