පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    විදුලිය නාස්තිය අවම කිරීමට පියවර

    මැයි 20, 2022

    විදේශ විනිමය හිඟය නිසා පැන නැගී ඇති ඉන්ධන සැපයීමේ ගැටලු හේතුවෙන් රටේ විදුලිය සැපයුම දැඩි ලෙස අඩාල වී ඇති හෙයින් විදුලි සැපයුම යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා පෙන්වාදෙයි.

    මේ අරමුණ සපුරා ගැනීම පිණිස:


     සංඥා පුවරු, නියෝන් සහ LED සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීමට ජාතික විදුලි පද්ධතියෙන් සැපයෙන විදුලිය භාවිත නොකරන්න.
     ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝක කිරීම හා අන් සියලු ආකාර ආලෝකකරණ සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිත නොකරන්න.

    විදුලිය කප්පාදුව අවම කිරීමට මෙන්ම විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට මෙය උපකාර වන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්නැයි සභාපතිවරයා විදුලිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya