රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (COPA), පොදු ව්‍යාපාර කාරක සභාවේ (COPE) සහ අනෙකුත් කාරක සභාවල බලතල වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සංශෝධන ඉදිරිපත් කරන කෙටුම්පතක් කථානායකවරයාට කඩිනමින් ඉදිරිපත් කරන බව, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20 ) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී තවත් ඉදිරියට ගමන් කිරීමට එම කාරක සභාවලට බලතල ලැබෙන පරිදි එම සංශෝධන ඉදිරිපත් කරන බව ඔහු කියා සිටියේය.
සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
“
ගරු කථානායකතුමනි, මම රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව සහ අනෙකුත් කාරක සභාවලට වඩාත් බලතල පැවරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනයක් අද දිනයේ හෝ ඊළඟ පාර්ලිමේන්තු සතියේ රජය විසින් ඔබතුමාට භාර දෙනවා.
දැනට එම කාරක සභාවල සභාපතිවරු විශාල සේවයක් කර සම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතනින් එහාට ගමන් කිරීමක් නැහැ. එම නිසා ඒ සඳහා බලතල ලබා දෙන කෙටුම්පතක් රජය ලෙස භාර දෙනවා. ”