ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මෙන්ම පුවත්පත් දැන්වීම් හරහා ද නිසි පරිදි ජනතාව දැනුවත්කිරීම් සිදු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පරිසර අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.
මේ පිළිබඳව පරිසර අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳ පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව විසින් නිරීක්ෂණය කොට තිබේ .
මේ නිසා 2015 ජුනි මස අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස තවමත් බොහෝ අවස්ථාවල භාවිතා වන බවද කාරක සභාව නිරීක්ෂණය කො තිබේ.
මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) ගරු තිස්ස විතාරණ මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාවේය.
2021.08.04 සිට 2021.11.19 දක්වා කාලය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට අන්තර්ගත වේ.
ඇතැම් ලැබීම් ආයතන වල සේවක පුරප්පාඩු රැසක් ඇති බවත් ඒම සේවක පුරප්පාඩු පිරවීම සඳහා වහා කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් මෙම ආයතන හරහා ලබා ගත හැකි
ආදායම් අතපසු වන බව රජයේ ගිණුම් පිළිබඳව කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
උදාහරණයක් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇති සේවක පුරප්පාඩු හේතුවෙන් සිදු කර ඇති වැටලීම් ප්‍රමාණය අවම බවද පෙන්වා දුන්නේය. තවද ප්‍රාථමික සෞඛ්‍ය අංශ යේ ඇතැම් අංශද සේවක පුරප්පාඩු හේතුවෙන් නිසියාකාරව ක්‍රියාත්මක වී නොමැති බවත් මෙම අඩුපාඩු වහා පිරිවිය යුතු බවත් බවද කීය. ප්‍රාථමික සෞඛ්‍ය අංශයේද මෙම ඇබෑර්තු ප්‍රශ්නය දැකිය හැකි බව පෙන්වා දුන් සභාපතිවරයා අපද්‍රව්‍ය පාලනය වැනි අංග පරිසරය රැක ගැනීමේදී සහ සෞඛ්‍යාරක්ෂාව සඳහා අත්‍යාවශ්‍ය බවත් මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළ යුතු බවද කීය.