පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය පිළිබද සභාව කල්තැබීමේ විවාදයට ඒක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මේ බව පැවසීය.
ඒ හා සමානවම ගෙවල් ගිනි තබමින්, දේපළ විනාශ කරමින් , ත්‍රස්තවාදින් මෙන් හැසුරුණු පිරිසටද නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමා ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය. රහස් පොලීසියේ කට උත්තර ලබා ගැනීමට කී සෑම අවස්ථාවකම තමා ඇතුළු මන්ත්‍රීවරු ඒ සඳහා ඉදිරිපත් වූ බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
මෙහිදී ඒක් පිරිසක් කඩු මුගුරු රැගෙන හිතා මතාම පහර දුන් බවත් අරගලයට මුවා වී මිනිසුන්ගේ ජීවිත සහ දේපල විනාශ කළ හැකි නම් ඒවිට මෙරට නීති පද්ධතිය කඩා වැටෙන බවද කීය. තවද නොදැනුවත්වම මෙම අරගලයට සහය දැකවමින් මීට ඒක් වූ පිරිසක් සිටින බවත් ඔවුන්ව පුනරුත්ථාපනය කළ යුතු බවද කීය.
මන්ත්‍රීවරුන්ගේ සහ මේ රටේ ආරක්ෂාව අද වන විට බිඳ වැටී තිබෙනවා.අපි දැක්කා ඊයේ පොලීසියට ගහපු විදිය. ප්‍රධාන පොලිස් නිලධාරියෙකුගේ ඔළුව පැලෙන්න ගහනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුනහොත් මේ රටේ නීතිය කඩා වැටෙනවා. පසුගිය මැයි 09 වනදා ඇති වූ මෙය මෙහෙයවපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මෙම අර්බුදයට වග කිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා දැඩිව ඉල්ලා සිටියේය.