අද(20) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනය නොව පවතින අර්බුදයට විසඳුමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ රට ගොඩ දාන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් සංචාරක කර්මාන්තය, අනෙක් එක විදේශ රැකියා.අද වන විට රටට සංචාරකයෝ එන්නේ නැහැ.
අග්‍රාමාත්‍යවරයා අපි කෙරෙහි විශ්වාසය තබා මෙය භාර දුන්නා. තමා සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරු නිර්පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සෑම විටම හඩ නැගූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. .
එහෙත් තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළේය සමගි ජන බල වේගය තුළ දින 05ක් තිස්සේ තාමා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද කීය. මෙය දේශපාලන පැනිල්ලක් නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, තමා මුදලට යන්නේයැයි පටු විදියට නොබලන ලෙසද ඉල්ලා සිටියේය.