පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පවතින කාල වකවානුවේදී විදුලිය කප්පාදු කිරීම

    මැයි 21, 2022

    අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීම සදහා මැයි 22 සිට ජුනි 1 දක්වා විදුලිය කප්පාදු කාල සටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

    ඒ අනුව මැයි 22 සහ මැයි 29 ඉරිදා දිනයන්හි විදුලි කප්පාදුවක් සිදු නොකරන අතර මැයි 22 සිට ජුනි 1 දක්වා අනෙකුත් දිනයන්හි දි පස්වරු 6.30 න් පසුව ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ. එම දිනයන්හිදි විභාගය නොපැවත්වෙන මධ්‍යහන 12 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළදී කාර්මික කලාප සහ කොළඹ වාණිජ නගර කලාපය හැර සෙසු කලාප සදහා පැය1 විනාඩි 45 සිට පැය 2 විනාඩි 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු වේ.

    කාර්මික කලාප සදහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා ද කොළඹ වාණිජ නගර කලාපය සදහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා දෙදනිකව පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

    මේ පිළිබද විස්තර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවිය , ෆේස්බුක් පිටුව හා ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුවෙහි පල කර ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya