අමාත්‍යවරයා මේ බව පැවසුවේ,බලශක්ති අමාත්‍යාංශයේ (21) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉදිරි දින 10 තුල තව ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිත බවත් එහි පෙට්‍රල් 95 , 92 සහ ඩීසල් ඇති බව පැවසු අමාත්‍යවරයා, කිසියම් ඉන්ධන පිරවුම්හලක් ඉදිරියේ ඉන්ධන නොමැති වීම නිසා පාරවල් වසා අවහිර කළහොත් ,ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන පිරිස් පීඩාවට ලක් වන ආකාරයට කටයුතු කළොත් මෙම ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බව පැවසීය.
එවැනි ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන සැපයීම නැවැත්වීමට තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා , මෙය සමහරෙක් සංවිධානාත්මකව කරන අතර ඇතැම් ඉන්ධන පිරවුම් පිරවුම්හල් හිමියන් එකතු වී කරන සංවිධානාත්මක වැඩක් මෙන්ම සමහර දේශපාලන පක්ෂ එකතු වී කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙසද පෙන්වා දුන්නේය .
කෑන් සහ බූලීවලට මේ මොහොතේ ඉන්ධන ලබා දිය නොහැකි ඉතාම කාරුණිකව ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා ,රථවාහනවලට ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් දින තුනකින් මේ පොළිම් ඉවත් කිරීමට හැකියාව ඇති බවත් ඉන් පසු ගෙදර නැවතී ඇති අතරමඟ නැවතී ඇති වාහන ඇත්නම් ඒ සදහා ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් හදා දෙන බවද කීය .
මේ අවස්ථාවේදී මිල වෙනස් කිරීමට සූදානමක් නොමැති බවත් එසේ වෙනස් කිරීමක් ඇත්නම් එය නිල වශයෙන් දැනුම් දෙන බව කී අමාත්‍යවරයා ,ඉන්ධන පිරවුම්හල්වල හිමියන්ටද එය දැනුම් දෙනු ලබන්නේ ඊට විනාඩි කිහිපයකට පෙර බැවින් ඉන්ධන රැස් කරමින් අනිසි ලාභ ලබාගැනීමට ඔවුන්ටද අවස්ථාවක් නොමැති බවද කීය .