හෙට දිනයේදි ආරම්භ වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පසුගිය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ මෙම විභාගය කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් ප්‍රමාද විය. විභාගය හෙට (26) ආරම්භ වන අතර එළෙඹන ජූනි 01 දා දක්වා දින 10ක් පුරා පැවැත් වේ.
තමා පසුගිය දින කිහිපය පුරා තෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ගමනා ගමන මණ්ඩලය මෙන් පෞද්ගලික බස් සංගමයද , පොලීසිය ඇතුළු ආණ්ඩුකාර කාර්යාල සියල්ල සමග සම්බන්ධීකරණය කළ බවත් එළෙඹන දින 10ක් පූරා අඛණ්ඩව සිය සහාය ලබා දීමට මෙම ආයතන සියල්ල කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ තරුණයින්ගේ හඩට කන් දෙමින් අධ්‍යපනය සම්බන්ධ යම් යම් ප්‍රතිපත්තිමය තීරණයන්ට ඉදිරියේදී තමා කටයුතු කරන බවයි.
විභාග කොමසාරිස් එල් .එම් .ඩී ධර්මසේන මහතා:
හෙට දිනයේදී ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා සියළුම කටයුතු සූදානම් කර අවසන් බව මෙම අවස්ථාවට එක් වූ විභාග කොමසාරිස් එල්.එම් ඩී ධර්මසේන මහතා පැවසීය.
තවද කල් වේලා ඇතිව විභාග රාජකාරී සහ විභාගයට මුහුණ දෙන දරුවන් තම මධ්‍යස්ථානය කරා යන ලෙසද විභාග කොමසාරිස්වරයා මෙහිදී ඉල්ලා සිටියේය.ඒ අනුව විභාගය 8.30ට ආරම්භ
වීමට නියමිත අතර ඊට පෙර විභාග ශාලාවට පැමිණෙන ලෙස කොමසාරිස් වරයා ඉල්ලා සිටියේය.
විභාග නීතිය අනුව පැය භාගයක් බැලීම සාමාන්‍ය සිරිත වන අතර මෙවර පැය භාගයකට වඩා ප්‍රමාද වුවද ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන බවත් කිසිම දරුවකු විභාග ශාලාවෙන් හරවා
නොවන බව සහ දරුවන් වෙනුවෙන් උපරිම සහනයක් ලබා දීමට කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරයා කීය. විශේෂයෙන්ම තෙල් සංස්ථා පිරවුම් හල්, පෞද්ගලික බස් සේවාවන්, දුම්රිය
සියල් ල මෙම විභාගය සඳහා සහාය ලබා දීමට සඳහා සූදානම් වී තිබේ. ධෛර්ය සම්පන්න ලෙස මෙවර විභාගය සඳහා මුහුණ දෙන්නැයි අධ්‍යපන අමාත්‍යවරයා සහ විභාග කොමසාරිස්වරයා
දරුවන්ගෙන් ඉල්ලා සිටියේය