අන්‍යෝන්‍ය උපකාරයේ පණිවුඩයක් ලෙස මෙම ද්‍රව්‍ය තොගය ශ්‍රී ලාංකික ජනතාව මේ මොහොතේ පත්ව ඇති අසීරු අවස්ථාවේ දී උපකාර පිණිස ලබා දීමට කටයුතු කර ඇති අතර මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයට සහල්, කිරි පිටි සහ ඖෂධ ඇතුළත් වේ.
එමෙන්ම, පසුගිය දා (21) ඉන්දියානු ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ලබා දීමට ද ඉන්දියාව කටයුතු කරනු ලැබීය. එමෙන්ම, ඉන්දියාවෙන් තවත් භාණ්ඩ තොග ලැබීමට නියමිතව තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු වජිර අබේවර්ධන, සෙන්තිල් තොණ්ඩමාන් සහ සාගල රත්නායක යන මහත්වරු ද සහභාගී වූහ.