ඔහු මේ බව කියා සිටියේ අද (23) මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙය ලොව පුරු අනෙකුත් රටවල් වලට තවම පැතිරී නොමැති බැවින් සහ ඉබේම සුවවෙන සාමාන්‍ය වෛරස් රෝගයක් වන බැවින් අනිසි බියක් ඇතිකරගත යුතු නැති බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මැයි 13 සිට මේ දක්වා ලොවපුරා වදුරු උණ රෝගීන් 92ක් වාර්තා වී ඇති බව කියාසිටි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙය රටවල් වලින් අසාමාන්‍ය ලෙස වාර්තා වුණු බැවින් මෙම රෝගය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයද විශේෂිත අධ්‍යයනයක යෙදෙන බව සඳහන් කළේය.
මෙම වෛරසය නව වෛරසයක් නොවන බවද, කලක් තිස්සේ පැවති වෛරසයක් බවද පැවසූ චන්දිම ජීවන්දර මහතා මෙය සාමාන්‍ය පී සී ආර් පරීක්ෂණයක් මගින් හදුනාගත හැකි බවද කියා සිටියේය.
මෙම වෛරසයේ ප්‍රභේද දෙකක් පවතින බවද, මෙහි රෝග ලක්ෂණ වනුයේ උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම, ඇගපත වේදනාව සහ අධික වෙහෙස ගතිය ආදිය බවද පැවසුවේය.
ප්‍රධාන වශයෙන් මෙම වෛරසය ක්‍රම 03කින් බෝවන බව කියා සිටි වෛද්‍ය ජීවන්දර මහතා මුහුණට මුහුණ ගැටීමෙන් තරල මගින් බෝ විය හැකි බවද, සෘජු ශාරීරික සම්බන්ධතා මගින් මෙන්ම යම්කිසි ආසාදිත පුද්ගලයෙකු භාවිතා කළ ඇද ඇතිරිලි, පිගන් කෝප්ප ආදිය මගින්ද මෙය බෝවීමේ හැකියාවක් ඇතැයි කියා සිටියේය.