පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරි අයවැය සහ ආර්ථික සැලසුම් පිළිබඳ සාකච්ඡා

    මැයි 23, 2022

    ඉදිරි අයවැය සහ ආර්ථික සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) වාණිජ මණ්ඩල නියෝජිතයින්, භාණ්ඩාගාර නියෝජිතයින් සහ ආර්ථික උපදේශකයින් සමඟ සාකච්ඡා කළේය.

    අග්‍රාමාත්‍ය කාර්යාලය දි මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ප්‍රාග්ධන වියදම් විශාල ලෙස අඩුවන නව අයවැයක් ඉදිරිපත් කරන බවයි.

    ඉතිරි කරන ලද මුදල් සුබසාධන වැඩසටහන් සඳහා යොමු කරන බව ඔහු ප්‍රකාශ කළේය. යුක්රේනයේ යුද්ධයත් සමඟ දේශීය වෙළෙඳපොළේ වැරදි කළමනාකරණය හේතුවෙන් රට ආහාර හිඟයකට මුහුණ දී සිටින බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිළි කළේය.

    මෙම ආහාර හිඟය ශ්‍රී ලංකාවට පමණක් නොව ගෝලීය වෙළෙඳපොළට ද බලපානු ඇත. හිඟයේ බලපෑම හැකිතාක් අවම කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා පැහැදිළි කළේය.
    ජනතාවට සහන බෙදාදීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කෙරුණි. ඔහු ඊට එකඟ වූ අතර, සුබසාධනය ලැබීමට සුදුසුකම් ඇති අය සඳහා වන නිර්ණායක සමාලෝචනය කරන බව ඔහු ප්‍රකාශ කළේය.


    එමෙන්ම සංවර්ධන ඉලක්ක සපුරා ගත හැකි තරගකාරී සාමජ වෙළඳපල ආර්ථිකය පදනම් කර ගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය ඇතිකිරීමට භාණ්ඩාගාරයට සැලසුම් කරන ලෙස යොජනා කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya