නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශක වරුන් තිදෙනෙක් අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ. කැබිනට් ප්‍රකාශක ලෙස ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නම්කර තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන අමාත්‍යවරු සම කැබිනට් ප්‍රකාශකවරුන් වෙති.