බත්තරමුල්ල ගොවිජන කේන්ද්‍ර පරිශ්‍රයේ අද (මැයි 23) කෘෂිකර්ම හා පශු සම්පත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට වී වැපිරීමේ කටයුතු පටන් ගතයුතු වුවද මේ වන තෙක් එය පටන්ගෙන නොමැති බවත්, ඉදිරියේදී ඇතිවිය හැකි තත්වය ඉතා භයානක බවත්, එය වැළැක්වීමට තමන්ට කළ හැකි උපරිමය සිදු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ඉදිරියේදී අවශ්‍ය රසායිනික පොහොර හා කෘමි හා වල් නාශක වැනි දේ ලබාදීමට තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත්, ඉදිරියේදී කෘෂී අවශ්‍යතා සපුරාගැනීම ප්‍රමුඛතාවක් සේ සළකා කටයුතු කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.