එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
රටේ ආර්ථික අභියෝග රැසක් තිබෙන වෙලාවක මෙම අභියෝග ජය අරගෙන රටේ ජනතාව මුහුණ දෙන ගැටළු විසදා නැවත රට සාර්ථක මාවතකට යොමු කරන්න අතිගරු ජනාධිපතිතුමා විසින් නව රජයක් පත් කරණු ලැබුවා.
එහි වාරිමාර්ග, ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දී එදිනම අමාත්‍යාංශයට පැමිණ වැඩ භාර ගැනීමට මම කටයුතු කළා.
මා වෙත අමාත්‍යාංශ දෙකක වගකීම් පවරා තියෙනවා. මේ මොහොතේ අපේ රට මුහුණදෙන ආර්ථික ප්‍රශ්ණ වගේම කෘෂිකර්මාන්තය හා බැදුනු වාර්මාර්ග පද්ධතිය, රටේ ක්‍රීඩාව පවත්වාගෙන යාම වැනි කරුණු සදහා සෘජුවම මගේ අමාත්‍යාංශ දායක වෙනවා. මේවා එකක්වත් නවත්තන්න බැහැ. ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යයි.
ඒ වගේම අපි රටේ තාරුණ්‍යය දෙස ඉතා උවමනාවෙන් බැලිය යුතුයි. රටේ තරුණයෝ මේ මොහොතේ යම් අසහනයක ඉන්නවා. ඒ අසහනය දුරු කිරීමට රජය කටයුතු කළ යුතුයි. විෂය භාර අමාත්‍යවරයා ලෙස ඒ සදහා දෙන්න පුළුවන් උපරිම සාධාරණ විසදුම් ලබාදී අලුත් වැඩපිළිවෙළක් මගින් ඔවුන් සමග ඉදිරියට යාමේ වගකීම භාරගෙන කටයුතු කරනවා.
අමාත්‍යාංශවල නිලධාරින් සමග සාකච්ඡා කර නව ලේකම්වරයෙක් පත්වූ පසු ඉක්මනින් ම ඉදිරි වැඩ කටයුතු සිදු කරන්න අවශ්‍යයි. අද දිනයේ ම වැඩභාරගත්තේ ඒ නිසා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් සහභාගී විය.