පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුයි- අග්‍රාමාත්‍ය

    මැයි 24, 2022

    විද්‍යත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ලෝක අහාර හිඟයක් අභිමුව සිටින ශ්‍රී ලංකාව තුළ අහාර සුරක්ෂිතාව ඇතිකිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ(23) අග්‍රාමාත්‍ය කාර්යාලය දි පවැති අතර එහිදි අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසා ඇත.

    එහිදී අහාර භෝග .පශු සම්පත් සහා අපනයන භෝග පිළිබඳ මෙහි දි සාකච්ඡා කර තිබේ.ඊට අමතරව පොහොර .බිජ සහ ඉන්ධන ගැටලුව පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඊට ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

    මාසිකව සහල් අවශ්‍යතාව මෙක්ට්‍රික් ටොන් ලක්ෂ දෙකක් . දැනට රටේ සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව මෙම සාකච්ඡා අනාවරණය විය. ඊළඟ කන්නයේ අස්වනු නෙලිමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය අහාර හිඟයට මේ මොහොතේ ගත හැකි විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් අවශ්‍ය බව
    අග්‍රාමාත්‍යවරයා එහිදි අවධාරණය කළ අතර, විශේෂයෙන්ම නාගරික ප්‍රදේශය අහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළේ ය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

    බස්නාහිර හා දකුණු පළාත් වල වගා සංග්‍රාමය හා අහාර සැපයීම සඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන,කොලඹ පුරපතිනි රොසි සේනානයක යන
    මහත්මමහත්මීන් සහ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හා හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ඇතළත් කමිටුවක් පත් කෙරිණ. රට තුළ දැනට පවතින අහාර ප්‍රමාණය පිළිබඳ දත්ත එක්රැස් කිරීම සහා නිර්දේශ ඉදිරිපත් පත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya