පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම පිළිබද චක්‍රලේඛයක් අද නිකුත් කරනවා - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

    මැයි 24, 2022

    අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම පිළිබද චක්‍රලේඛයක් අද නිකුත් කරනවා - කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

    රටෙහි පවතින වත්මන් ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුද හේතුවෙන් වැඩකරන ජනතාව විශාල පීඩාවකට පත්වීම හේතුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකට අනූව අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් රාජ්‍ය සේවකයන් සේවයට කැදවීම පිළිබද චක්‍රලේඛයක් අද නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

    ඔහු මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    අද උදෑසන සිට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා, ආයතන ප්‍රධානීන් සහ අදාල බලධාරීන් රැස්වී මේ පිළිබදව සාකච්ඡාවක් සිදුකරන බව පැවසූ අමාත්‍යවරයා, වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යංශ ලේකම්වරයෙකුට, ආයතන ප්‍රධානියෙකුට හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා රාජ්‍ය සේවයේ කවර පිරිසක් කැදවිය යුතුද යන්න පිළිබද අද නිකුත් කරන චක්‍රලේඛණයේ සදහන් වන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya