පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    පොදු ප්‍රවාහන පහසුකම් වැඩි කිරීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර - ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 24, 2022

    පොදු ප්‍රවාහනය වැඩි කිරීමට අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීමට සාකච්ඡා ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින දුෂ්කරතා මෙන්ම බස් ගාස්තු වැඩි වීම, ඛනිජ තෙල් මිල වැඩිම යනා දී කරුණු ජනතාවට ඍජුව බලපානවා මෙන්ම ඒ සම්බන්ධව දැඩි පීඩනයකට ජනතාව මුහුණ දෙනු ලබන නිසා ප්‍රවාහන කටයුතු සම්බන්ධව ගැටළුවක් තිබෙන විටෙක ජනතාව බොහෝ සෙයින් පුද්ගලික ප්‍රවාහන පහසුකම් නවතා පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමට නැඹුරු වී තිබේ.

    එහෙයින් ලංගම සහ දුම්රිය මඟින් ප්‍රවාහන කටයුත්තට ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරනවා මෙන්ම එමඟින් ජනතාවට සහනයක් ලබා දිමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද සකස් කරනු ලබන බව හෙතෙම කියා සිටින ලදුව අමාත්‍යවරයා විසින් අද (24) ප්‍රවාහන අමාත්‍යංශයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු මෙම කර්තව්‍ය සිදු කිරීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya