පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    21 වන සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගන්නවා - කැබිනට් ප්‍රකාශක

    මැයි 24, 2022

    21 වන සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

    ඔහු මේ බව පැවසුවේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    වත්මන් තත්ත්වයේ අතුරු ඵල ලෙස පැනනැගී ඇතිදේශපාලන අවුල් සහගත තත්ත්වය නිරවුල් කර අලුත් වෙනසක් ඇති කිරීම සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වන සංශෝධනය ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා සදහන් කළේය.

    එම සංශෝධනය ඊයේ ලබාදුන් බවද, ඒ් අනූව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකවරුන්ට වහාම එම යෝජනාව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද පැවසූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ ඒ පිළිබද අවශ්‍ය සංශෝධන, අදහස් උදහස් ලබාගනිමින් මේ සතිය තුළම මේ පිළිබද සාකච්ඡාව අවසන් කර එළඹෙන සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට මෙය බදුන් කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya