පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඛණිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් මේ මොහොතේ නැහැ- විදුලිබල සහ බලශක්ති අමාත්‍ය

    මැයි 24, 2022

    ඛණිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම පිළිබද සාකච්ඡාවක් මේ මොහොතේ නොමැති බව සමකැබිනට් ප්‍රකාශක විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේය.

    ඔහු මේ බව සඳහන් කළේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

    පාඩු ලබන ආයතන රාජ්‍ය, පෞද්ගලික හවුල් ව්‍යාපාර වශයෙන් දියුණු කිරීමේ අවශ්‍යතාවය අගමැතිතුමා විශේෂයෙන් පෙන්වාදුන් බවද, විදුලිබල මණ්ඩලය සහ ඛණිජ තෙල් සංස්ථාව උපරිම සේවයක් සැලසෙන පරිදි වියදම් අවම කරගනිමින් ජනතාවට උපරිම සේවය ලබාදෙන කාර්යක්ෂම ආයතන බවට පත්කිරීමට උත්සහ ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya