ඒ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
බොර තෙල් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා සියළුම රටවල් සමඟ අති ගරු ජනාධිපතිතුමන් , හිටපු අග්‍රාමාත්‍යතුමන් සහ විශය භාර අමාත්‍යවරයා හැටියට තමාද මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීම් සිදු කර බව අමාත්‍යවරයා කීය.
එසේම පෙර සේම නැවත වතාවක් මේ සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලයෙන් ලිඛිතව ඉල්ලීමක් කල බව කී අමාතවරයා, අතිගරු ජනාධිපතිතුමා පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් තානානපතිවරයා හමුවී ඉල්ලීමක් කළ බවත් වර්තමාන අගමැතිවරයා ද සෘජුවම ඔවුන්ගෙ රජයෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇති බවද තානිපතිවරුන් මේ සම්බන්ධව නිරන්තරයෙන්ම කටයුතු කරන බවද කීය.
මේ වන විටත් එම කටයුතු සිදු කරන්නනේ කෙසේද ?යන්න පිළිබඳව ඔවුන්ගේ ප්‍රතිචාර නොළැබුණු බව කී අමාත්‍යවරයා , බොර තෙල් ලබා ගැනීම ඔනෑම රටකින් කළ හැකි බවත් කිසිඳු රටක් මේ සම්බන්ධයෙන් බාධා නොකරන බවද කීවේය.
සපුගස්කන්ද වසා දැමිම බරපතල වරදක් බවද පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ , සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කිරිම වෙනුවෙන් මේ වන විටත් සති දෙකකට ආසන්න කාලයක් බොර තෙල් නෞකාවක් අප මුහුදු සීමාවේ ඇති බවත් අපේ ඇති මූල්‍යමය තත්ත්වය හේතුවෙන් මෙය ලබා ගැනීම තරමක් ප්‍රමාද වී ඇති බවයි.