පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සම්ප්‍රේෂණ මාර්ග ඒකාබද්ධ කිරීමට යෝජනා

    මැයි 24, 2022

    විදුලි බල ක්ෂේත්‍රය වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත්ව ඇතැයිද, ඒ අනූව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සම්ප්‍රේෂණ මාර්ග ඒ්කාබද්ධ කිරීමට විවිධ අවස්ථාවල යෝජනා ඉදිරිපත් වුණු බවද සම කැබිනට් ප්‍රකාශක, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේය.

    ඔහු මේ බව සදහන් කළේ, අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    එම යෝජනා තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවද, එක් අවස්ථාවක මුහුද යටින් කේබල් පද්ධතියක් මගින් සම්බන්ධ කිරීමටද යෝජනා වුණු බව කියාසිටි විදුලිබල අමාත්‍යවරයා, එහිදී පිරිවැය පිළිබදව ගැටලුවක් මතුවුණු බව අවධාරණය කළේය.

    එමනිසා ඉහළින් අඳින ලද කේබලයක් මගින් දුර ප්‍රමාණය අවම කරමින් සම්බන්ධතාවයක් ලබාදීම පිළිබදව යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයිද, එය තවම සාකච්ඡා මට්ටමේ පවතින යෝජනාවක් පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya