අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිළි කර අමාත්‍යවරයා කියා සිටියේ ,මෙම මිල සූත්‍රයට අනූකූලව අද (24) උදෑසන සිට ඉන්ධන මිල සංශෝධන කළ බවත් මිළ සූත්‍රයට සඳහා ගොඩ බෑමේ පිරිවැය, බදු පිරිවැය,සැකසීම් පිරිවැය, මෙහෙයුම් සහ පරිපාලන පිරිවැය, ලාබාංතිකය සහ මිල ස්ථායිකරණ අරමුදලට දායකත්වය යන කාරණා සළකා බලන බවත් නමුත් ඊයේ (23) මිල සංශෝධනය කිරීමේදී ලාබාංතිකය සහ මිල ස්ථායිකරණ අරමුදලට දායකත්වය යන කාරණා නොසළකා මිල සූත්‍රය ඉදිරිපත් කළ බව කීය.
ඉදිරි කාලයේදී මිල සූත්‍රය අනුව ලාබාංතිකය සහ මිල ස්ථායිකරණ අරමුදලට දායකත්වය යන කාරණා නොසළකා හරිමින් සති දෙකකට වතාවක් හෝ මාසයකට වරක් අවශ්‍යතාවය අනුව ඉන්ධන මිල සංශෝධනක් කිරීම සිදු කරන බව පැවසූ අමාත්‍යවරයා, මේ සඳහා කමුටුවක් යෝජනා කළ බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ශ්‍රි ලංකා මහ බැංකුව,ශ්‍රි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් විසින් තීරණය කරන ලද වෙනත් පාර්ශවයක් ඇතුළත් කමිටුවක් මගින් නිර්දේශ ලබාදීමට යෝජනා කර ඇති බවද කීය.