ඒ අනුව මෙසේ භූමිතෙල් මිල මේ ආකාරයෙන් පවත්වාගෙන යාම නිසා ඉන්ධන අවභාවිතා කරන පිරිසෙන් වන හානිය අවම කර ගැනීමට හැකි වෙන බව ද හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ප්‍රවාහන කටයුතු වල නියැලීම සඳහා ඇතැම් පුද්ගලයින් භූමිතෙල් ඇතැම් ඉන්ධන සමඟ කලවම් කර විකිණීමේ ව්‍යාපාරයන් ද ක්‍රියාත්මක වනු දක්නට ලැබෙන බව ද එවන් ඉන්ධන අවභාවිතා කරන පුද්ගලයින් පිළිබඳව ජනතාව දැනුවත් ව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා පැවසුවේය.
භූමිතෙල් වැඩි පරිභෝජනයක්යන් සිදු කරන හඳුනාගත් ප්‍රජා කොටස් වෙනුවෙන්, එනම් විශේෂයෙන් ධීවර ක්‍ෂේත්‍රයේ නියැලෙන ධිවර ප්‍රජාවත්, වතු කම්කරුවන් මෙන්ම හඳුනාගත් අඩු අදායම් ලාභීන් වෙනුවෙන් ධිවර පරීක්ෂක, තේ පරීක්ෂක හෝ ප්‍රාදේශීය ලේකම් යනාදීන්ගෙන් සමන්විත කණ්ඩායමක් තුළින් ඔවුන්ට මුල්‍යමය වශයෙන් මාසිකව යම් මුදල් ආධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව හෙතෙම මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.