ඔහු පෙන්වා දෙන්නේ පවතින ආර්ථික අර්බුධයෙන් රට ගොඩ ගත හැකි කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඊට ඇතුළත් වන බවයි. නිවාස රාජ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් සමග (23) පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීණ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශය යටතේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති යළි සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බවයි. එම ව්‍යාපෘතිවල ප්‍රගතිය යළි සමාලෝචනය කර ඒවා කඩිනමින් අවසන් කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි. රටතුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සදහා ද විවිධ ගැටලු මතුව ඇති බවයි. එම ගැටලු හදුනා ගෙන ඒ සදහා කඩිනමින් විසදුම් ලබාදීමට ද අපේක්ෂා කෙරේ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේ ද කීවේය.
''මොන ආණ්ඩුවක් මේ ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා ජනතාවට අවශ්‍ය නම් ඒවා පවත්වාගෙන යාම ඊළගට බලයට එන ආණ්ඩුවේ වගකීමත්, ආණ්ඩු මාරුවෙන විදිහට ව්‍යාපෘති මාරු වෙන්න ගියොත් රට සංවර්ධනය කළ නොහැකියි. ව්‍යාපෘති ගිවිසුම් ගත වීමේ දී අවසන් කිරීමේදීත් නිශ්චිත කාල වකවානු තුළ එය අවසන් කිරීමට කටයුතු කළ යුතුයි. ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් නොවීම රටට විශාල ආර්ථික පාඩුවක්. මෙය තවදුරටත් සිදු නොවිය යුතුයි. රජයේ චක්‍ර ලේඛණ හදලා තියෙන්නේ වැඩ කරන්න මිසක් වැඩ නොකර ඉන්න නෙමෙයි. චක්‍ර ලේඛණ හදලා තියෙන්නේ නිළධාරීන් විසින්මයි. අපේ සමහරු පුරුදු වෙලා තියෙන්නේ
චක්‍ර ලේඛණ ඉස්සරහට දාලා ඇග බේරගෙන ඉන්න. මම කියන්නේ චක්‍ර ලේඛණ උල්ලංඝණය කරනන් නෙමෙයි. නමුත් චක්‍ර ලේඛණ වලට මුවා වෙලා ජනතා සේවය ප්‍රමාද කරන්න එපා. අපි හැමෝම වැටුපක්ග න්නේ දීමනාවක් ගන්නේ ජනතාවගේ මුදල් වලින්. ඒ නිසා එයට සාධාරණය ඉටු කිරීම අපේ වගකිමක්.''