ජල සම්පාදන අමාත්‍යංශයේ ප්‍රධානතම ව්‍යාපෘතිය වන වර්ෂ 2025 දී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යමින් එම ඉලක්කය සපුරා ගැනීම තම අරමුණ බව පැවසූ නව අමාත්‍යතුමන් කුමන බාධක ගැටලු හමුවේ වුවද මහජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම අඛණ්ඩව සිදු කිරීමට අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන හා එක්ව සියලු දෙනාගේම සහයෝගය, උනන්දුව සහ කැපවීම මත කටයුතු කරන බවද කියා සිටියේය.
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එච්.කරුණාරත්න, අතිරේක ලේකම්වරුන් වන පී.හේවගේ, ඒ.සී.එම්. නෆීල්, එච්.සී.ජේ.තිලකරත්න, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජයතිලක හේරත් ඇතුලු අමාත්‍යංශ නිළධාරීන් මෙම අවස්ථාවට එක්විය.