පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ අගමැති ලේඛනයක් ඉල්ලයි

    මැයි 26, 2022

    ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය ට උපදෙස් ලබා දී තිබේ.

    වර්තමාන ආර්ථික අර්බුදය හෙතුවෙන් පවතින ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහා මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දි ඊයේ(25) පැවැති සාකච්ඡාවේ දී මේ බව දැන්වීය.

    මිට අමතරව ඉන්දිය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ට ලැබුනු ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ මිලදී ගැනීමට ඩොලර් නොමැති විම ඇති වු ගැටලුව නිසා රජයන් දෙක අතර සිදුකෙරනු සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟ වු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    එමෙන්ම ප්‍රංශ රජය මගින් හෙට දිනයේ අධාර ලෙස ලබා දිමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර එකක දින 90 කාලයක් සඳහා අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.

    මේ අතර ඖෂධ නියාමන අධිකාරිය විසින් කඩිනමින් ඖෂධ මිල දී ගැනිම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් ඖෂධ නියාමන අධිකාරි පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වාධීන කමිටුවක් පත් කළේ ය

     මේ සාකච්ඡාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍ය රුවන් විජෙවර්ධන සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්වූහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya