අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ (25)දින අධ්‍යාපන ලේකම් එම්. නිහාල් රණසිංහ මහතා අධ්‍යාපන ලේකම් ධුරයේ වැඩ භාරගත් අවස්ථාවට එක් වෙමිනි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙවන් ආර්ථික අපහසුතා සහිත අවස්ථාවක දරුවන්ට දිවා ආහාරය ලබා දීම මෙන් ම පිරිවෙන් අංශයේ කාර්යයන් යථාවත් කිරීමත් ඉතා විධිමත් ව හා කඩිනමින් සිදු කළ යුතු බව පැවසී ය.
රටක පරිපාලන ව්‍යුහය සකස් වී ඇත්තේ යම් ක්‍රමවේදයකට බවත් ඉන් බැහැර වූ විට අතුරු ප්‍රශ්න පැනනගින බවත් ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ද විධිමත් ක්‍රියාපටිපාටීන්ට අනුකූල ව එම පරිපාලන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.
අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටියහ.