ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දි (24) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමග පැවැති විශේෂ සාකච්ඡාවකදි ඔහු මේ බව කියා සිටියේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ විශේෂ ආරාධකාවකට අනුව චීන තානාපතිවරයා මෙම සංචාරයේ නිරත විය.
මේ අතර චින රජය විසින් නැගෙනහිර පළාතේ අඩු ආදායම් ලාභී පුද්ගලයන් සදහා ලබා දුන් වියළි සලාක මළු 10000 න් 5000 ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට සංකේතවත්ව බෙදා දීමද තානාපතිවරයා අතින් සිදු විය.
එසේම නැගෙනහිර පළාත ස්වභාවික සම්පත් වලින් අනූන ප්‍රදේශයක් බවත් සංචාරක කර්මාන්ත සංවර්ධනය කිරිම සදහා වඩා වැඩි ඉඩ කඩක් පවතින බවත් එහිදි අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කිවාය.
නැගෙනහිර පළාතේ ආයෝජනය කිරිම සදහා චින ආයෝජකයන්ටද අවස්ථාව පවතින අතර ඔවුන්ට ආරාධනා කිරිම සදහා මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ආණ්ඩුකාරවරිය කීවාය.
මෙහිදි චින තානාපතිවරයා සහ ඔහු සමග පැමිණි ධූත පිරිසට නැගෙනහිර පළාතේ ආයෝජනය හරහා දියුණූ කල හැකි සම්පත් පිළිබදව විශේෂ පැහැදිලි කිරිමක්ද සිදු කෙරිනි. ඊට අමතරව නව ආයෝජන ලගා කර ගත හැකි පළාතේ සම්පත් පිළිබදව සැකසුණු විශේෂ විස්තර ඇතුළත් ග්‍රන්ථයක් ආණ්ඩුකාරවරිය අතින් තානාපතිවරයාට ලබා දිමද විශේෂත්වයකි.
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් බී.එච්.එම්. ජයවික්‍රම, ආණ්ඩුකාර ලේකම් එල්.පී මදනායක ඇතුළු චින ව්‍යාපාර සංගමයේ ආයෝජකයන් පිරිසක්ද එක්ව සිටියහ.