පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන්න - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලයි

    මැයි 27, 2022

    ජපන් භාෂා ප්‍රවීණතාවය නොමැති 1000කට ජපානයේ රැකියා අවස්ථා කඩිනමින් ලබාදෙන්න - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ජපානයෙන් ඉල්ලයි

    ජපන් භාෂ ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය ළමුන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.

    මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනීම පිළිබදව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.

    මේ වන විට ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් විවෘතව පවතින්නේ භාෂාව හදාරා ඇති තරුණ තරුණියන්ට පමණක් වන නිසා ඉදිරියේදී භාෂා ප්‍රවීනතාවයක් නොමැති තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවස්ථාව ලබාදෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ජපාන ඉල්ලා සිටියේය. ඒ අනුව ජපානයට ගොස් භාෂාව හදාරා රැකියාවක යෙදීමේ අවස්ථාව, පාසල් හැර ගිය තරුණ තරුණියන් දහසකට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.

    ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වු ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී Katsuki Kotara මහතා පැවසුවේ වැඩි රැකියා අවස්ථාවන් ලංකාවට ලබාදීමට ජපානය සෑම විටම කටයුතු කරමින් සිටින බවය. විශේෂයෙන්ම සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ජපානය වැඩි කැමැත්තකින් සිටින බවද, ජපානයේ වියපත් ජනගහනය ඉහළ යමින් තිබෙන නිසා මෙම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් වර්ධනය වන බවද ඔහු කීය.

    ලංකාව සෑම විටම ජපානයේ මිත්‍ර රටක් සේ සලකන බව පැවසූ ජපාන භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරියා සැන් ප්‍රැන්සිස්කෝ සමුළුවේදී, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන “නහි වේරේන - වේරානී” යන ධම්ම පද පාඨය උපුටු දක්වමින් ජපානය වෙනුවෙන් කළ කතාවද සිහිපත් කළේය.

    විදේශ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සදහා ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාදී, ඔවුන්ට ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදීම පිළිබදවත් මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු වූ අතර ජයිකා ආයතනය හරහා ජපාන භාෂා ගුරුවරුන් මෙරටට එවීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීම පිළිබදවත් මෙහිදී අවධානය යොමු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya