පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන කථානායකවරයාට භාර දෙයි

    මැයි 27, 2022

    කෝප්, කෝපා ඇතුළු කාරක සභාවල බලතල වැඩි කිරීමේ සංශෝධන, සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායකවරයාට භාර දෙයි

    රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA), පොදු ව්‍යාපාර කාරක සභාව (COPE) ඇතුළු කාරක සභාවල බලතල වැඩිකිරීම සඳහා, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට කළයුතු සංශෝධන ඇතුළත් කෙටුම්පත, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින්, කථානායකවරයා වෙත භාර දී තිබේ.

    වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී, තවත් ඉදිරියට ගමන් කිරීමට එම කාරක සභාවලට බලතල ලැබෙන පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට මෙම සංශෝධන ගෙනඑන බව 2022.05.20 දින සභානායකවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

    2022.05.20 දින කළ, එම විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

    “ ගරු කථානායකතුමනි, මම රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරනවා. රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව සහ අනෙකුත් කාරක සභාවලට වඩාත් බලතල පැවරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනයක් අද දිනයේ හෝ ඊළඟ පාර්ලිමේන්තු සතියේ රජය විසින් ඔබතුමාට භාර දෙනවා.

    දැනට එම කාරක සභාවල සභාපතිවරු විශාල සේවයක් කර සම්ප්‍රදායික ලෙස පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. එතනින් එහාට ගමන් කිරීමක් නැහැ. එම නිසා ඒ සඳහා බලතල ලබා දෙන කෙටුම්පතක් රජය ලෙස භාර දෙනවා. ”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya