පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි- ජනපති

    මැයි 27, 2022

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීමයි ... ජනපති අධ්‍යාපන නිලධාරීන්ට කියයි.

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් ...
    අඩාල වූ අධ්‍යාපන සහ විභාග කටයුතු කෙටි කාලයකින් යථා තත්ත්වයට ...


    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායී සහ යහපත් පුරවැසියෙකු බිහිකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    දීර්ඝ කාලයක සිට රට හමුවේ ඇති ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන්ව තිබේ. එය ඉදිරි සති කිහිපය ඇතුළත දී ඉදිරිපත් කරන බව ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීහු පැවසූහ.

    පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳවත් විෂය නිර්දේශ ආවරණය කර ඇති සීමාවන් කෙරෙහිත් විශේෂ අවධානය යොමු කෙරිණ.

    සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේ දී ක්ෂේත්‍ර ගණනාවකින් ලැබුණු සහාය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. පවතින බාධක නොතකා අනාගත දරු පරපුරේ යහපත වෙනුවෙන් බොහෝ පිරිස් ක්‍රියා කළ ආකාරය සමාජයට යහපත් පූර්වාදර්ශයක් සැපයූ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ. පාසලින් පිටව යන දරුවාට කාලය ගත නොකර අනාගතය වෙත පිවිසිය යුතු මාර්ගය නිවැරදිව පෙන්නුම් කරන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

    පොතපතෙහි කරුණු සිසුවාට ලබාදීමේ ක්‍රමවේදයට සීමා නොවී දරුවා සතුව ඇති හැකියාව සහ දක්ෂතාව උකහා ගනු ලබන වැඩපිළිවෙළක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ලබාදීමට සූදානම් බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා කියා සිටියේය.

    තෝරාගනු ලබන විෂය ක්ෂේත්‍රය කුමක් වුවත් සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට අවස්ථාව සැලසෙන පරිදි විෂය නිර්දේශයන් සකස් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

    පාසල් සංවර්ධනය, නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරු පුහුණුව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරු සහ රේඛීය ආයතන ප්‍රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya