මෙම රැස්වීමේ අරමුණ වූයේ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යොජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණියේ ය.
දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වයෙන් ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට සාකච්ඡාවේ දි තීරණය විය.
මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිළි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව ද අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේය.