පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජපන් රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට ගුවන් ගමන් ප්‍රවේශපත්

    මැයි 28, 2022

    ජපන් රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ට ගුවන් ගමන් ප්‍රවේශපත් පත් ප්‍රදානය කරයි

     ජපන් ජාත්‍යන්තර සබඳතා සංවිධානය(International Relations Organization –IRO) මගින් ක්‍රියාත්මක කරන කරන වැඩසටහන යටතේ ජපානයේ රැකියා සඳහා පිටත්ව යන කණ්ඩායමට, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ගුවන් ගමන් ප්‍රවේශපත් (26 දින) අමාත්‍යාංශයෙ දී ප්‍රදානය කළේය.

     

    රටට වැඩියෙන් විදේශ විනිමය ලබාගත හැකි රැකියා අවස්ථාවන් සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමේ ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර එහිදී ජපානයේ රැකියා අවස්ථාවන් පුලුල් කරගැනීම සදහා විශේෂ අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම ජපන් භාෂා ප්‍රවීණතාවය ලබා ඇති පිරිස් කඩිනමින් විදේශ ගත කිරීමට කටයුතු කරන අතර එසේ භාෂා ප්‍රවීණතාවය ලැබූ කණ්ඩායමක් පසුගියදා මෙරටින් පිටත්ව ගියේය.

     

    ජපානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සබදතා සංවිධානයේ මැදිහත්වීමෙන් මෙම කණ්ඩායම ජපානය බලා පිටත්ව ගිය අතර, ගමන් ප්‍රවේශපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එම සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත තිළිණි පෙරේරා මෙනවියද එක්ව සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya