මෙරට ක්‍රියාත්මක නාවික කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබා දෙන පෞද්ගලික සමාගම් මගින් මෙරට කර්මාන්තකරුවන්ගේ විදුලි ජනන යන්ත්‍ර සහ උපකරණවලට අවශ්‍ය දැවී තෙල් සහ ඩීසල් අවශ්‍යතාවය ලබා දීමට අවශ්‍ය අනුමැතිය සහ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හමුවක් (26)දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරීන්, එම පෞද්ගලික සමාගම්වල නිලධාරීන් සහ ව්දුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර පැවැත්විණි.
මෙමගින් විශාල වශයෙන් බැරල්, බූලි සහ අනෙකුත් ආකාරයට ඉන්ධන පිරවුම්හල්වලින් ලබා ගන්නා තොග මෙන්ම පර්යන්ත වලින් ලබා ගන්නා තොග කළමනාකරණය කිරීමට සිදු වේ. එමගින් පාරිභෝගික ජනතාවගේ රථ වාහන වලට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමේ ක්‍රියාවලිය පහසු වනු ඇති බව එහිදී සාකච්ඡාවට ලක් විය.