පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත, විදේශ රැකියා ඇමති හමුවෙයි

    මැයි 28, 2022

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත, විදේශ රැකියා ඇමති හමුවෙයි

     

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත සිම්රින් සිං සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර හමුවක් ඊයේ(25) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්වුනේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටයි.

    රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ව්‍යවසායකත්වය සහ කුසලතාවයන් වර්ධනය කිරීම හා සමාජ ආරක්ෂණය යන ක්ෂේත්‍රයන් තුන සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධාන ප්‍රධාන වශයෙන් සිය දායකත්වය ලබාදේ. එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් මෙන්ම වැවිලි ක්ෂේත්‍රයේ සේවකයින්ගේ සෞඛ්‍ය සහ සුබසාධනය, රටේ දළ දේශීය නිෂ්පාදිතයට තීරණාත්මකව බලපාන ක්ෂේත්‍රවල සේවකයින්ගේ කුසලතා ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක කරන වැඩසටහන් ගැනත් මෙහිදී අවධානය යොමු කළේය.

    ශ්‍රමය සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත වශයෙන් වන දත්ත සදහා වන ප්‍රවේශය සීමාවීමේ ගැටලුව පිළිබද ජාත්‍යන්තර කම්කරු සංවිධානය සිය අවධානය යොමු කළේය. රටේ ශ්‍රම බලකායේ අත්‍යවශ්‍ය වෙනස්කම් සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග සමීපව කටයුතු කිරීමටද අපේක්ෂා කෙරේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya