පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට

    මැයි 28, 2022

    ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලෙවාටු මහතා හා සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර විශේෂ සාකච්ඡාවක් (26)දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය යුරෝ ලක්ෂ තුනක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම සිදු විය. ප්‍රංශ රජය හා එම ජනතාවගේ පරිත්‍යාගයක් ලෙසින් අදාළ ඖෂධ තොගය පරිත්‍යාග කිරීම ප්‍රංශ තානාපතිවරයා අතින් සිදුවිය. ස්වසන රෝග හා නිර්වින්දන ඖෂධ තොගයක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.

    ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවැනි සහයෝගයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ප්‍රංශ තානාපතිවරයා මෙහිදී කීය. ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග මෙන්ම සහන සේවා කටයුතු සඳහා සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා පැවසීය.

    මෙරට සෞඛ්‍ය සේවාවේ කටයුතු සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් එමෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග වෙනුවෙන්ද පියවර ගන්නා බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයට අවශ්‍ය පියවර ගනිමින් සිටින්නේයැයිද ඒ තුළ සැපයුම් අංශයට බාධාවක් නොවන පරිදි අවශ්‍ය කටයුතු වෙනුවෙන් පියවර ගනිමින් සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

    විශේෂයෙන් රටෙහි දේශපාලන ස්ථාවරත්වය මෙන්ම ආහාර සුරක්ෂිතතාවයත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ සංවර්ධන කටයුතු සඳහා වන පියවර පිළිබඳවත් අමාත්‍යවරයා හා තානාපතිවරයා අතර සාකච්ඡා සිදු විය.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එස්.ජේ.එස්. චන්ද්‍රගුප්ත මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya