පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ඇන්තනි නිහාල් ෆොන්සේකා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

    මැයි 28, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඇන්තනී නිහාල් ෆොන්සේකා මහතා පත් කිරීමට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

    මේ අතර ධරනී ශිරන්තා විජයතිලක මිය, ජයන්ත .එම්. ස්වාමිනාදන් මහතා, ඒ. ඒ මොහොමඩ් ෆාතිහු මහතා සහ සෙල්ලතම්බි සුමිත්‍රා මිය හානිපූර්ණය සදහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස නැවත පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බව මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya