පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    කළමැටිය ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීම කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ

    මැයි 30, 2022

    ධීවර අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කළමැටිය ප්‍රදේශයේ ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීමට කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ.

    රටතුළ පවතින ඉන්ධන අර්බුධය හමුවේ අත්‍යවශ්‍ය සේවා සදහා ඉන්ධන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර විශේෂයෙන් රටේ ආර්ථිකයට දායකත්වය සපයන ධීවර කාර්මිකයන්ට ඉන්ධන ලබාදීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව කළමැටිය ධීවර වරායේ ස්ථාපිත කර ඇති ඉන්ධන පිරවුම්හල සදහා භූමිතෙල් ඉන්ධන ලබා දීමට පියවර ගෙන ඇත.

    අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස පවතින කළමැටිය ධීවර වරායේ මේ දක්වා ලියාපදිංචි බෝට්ටු 102 ක් පවතින අතර  ඉන්ධන හල සදහා භූමිතෙල් ප්‍රමාණයක් ලැබී ඇති අතර එම ඉන්ධන ප්‍රමාණය වරායේ පවතින බෝට්ටු සදහා දින දෙකකට පමණක් ප්‍රමාණවත් තරම් පවතින බවත් ඉදිරියේදි නොකඩවාම මෙම ඉන්ධන හල  මගින් ඉන්ධන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya