පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් කඩිනමින් ආරම්භ කිරීමට පියවර

    මැයි 30, 2022

    මැලේසියාවේ රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානයක් මෙරටදී කඩිනමින් ආරම්භ කිරීම සදහා පියවර ගනිමින් සිටී

    විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මෙරට සිටින මැලේසියානු මහ කොමසාරිස් ටැං යැං තායි මහතා අතර හමුවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මැලේසියානු රැකියා ඉලක්ක කරගත් විශේෂ පුහුණු මධ්‍යස්ථානය කඩිනමින් පිහිටුවීම ගැන අවධානය යොමු කළේය.

    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ රැකියා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි 2016 වසරේදී මැලේසියානු පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා දෙරට අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කළේය. එම ගිවිසුම නැවත සලකා බලා කඩිනමින් පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අදාල පියවර ගැනීමට ඇමැතිවරයා සහ මහ කොමසාරිස්වරයා එකගත්වය පල කළේය.

    කොරෝනා වංසගතයෙන් පසුව, මේ වන විට නැවත වරක් මැලේසියාව විදේශ ගත ශ්‍රමිකයින් සදහා දොරටු විවෘත කර ඇති බව පැවසූ මැලේසියානු මහ කොමසාරිස්වරයා ලංකාවේ ශ්‍රමිකයින් සදහා වැඩි රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාදෙන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා කළ ඉල්ලීමට, එකගත්වය පල කළේය. විශේෂයෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සදහා වැඩි ශ්‍රමිකයින් පිරිසක් යැවීමටත්, ඔවුන්ට ආරම්භ කිරීමට අපේක්ෂිත මැලේසියානු පුහුණු මධ්‍යස්ථානය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමටත් මෙහිදී අවධානය යොමුවිය.

    මැලේසියාවේ ශ්‍රමිකයින් සදහා අවම වැටුපක් හදුන්වාදී ඇති අතර, ලංකාවේ සිට මැලේසියාවට ගොස් රැකියා කරන ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම් සදහා එම අවම වැටුප ඇතුළත් කිරීමට හැකි බවද මැලේසියානු මහ කොමසාරිස්වරයා, ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

    මෙරට කම්කරු දෙපාර්තමේන්තුව සහ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලය අතර අඛණ්ඩ සහ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ වැදගත්කමද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පෙන්වාදුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya