පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව යෝජනා කෘෂි ඇමතිට

    මැයි 30, 2022

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව විශ්වවිද්‍යාල තුනක කෘෂිකර්ම මහාචාර්‍යවරුන් පිරිසක් එක්ව සකස් කළ යෝජනාවලියක් පසුගියදා කෘෂිකර්ම ,වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යංශයේදී භාර දී තිබේ.

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුහුණ දී ඇති මෑතකාලීන තත්ත්වය සැලකිල්ලට ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්ව මෙම යෝජනාවලිය සකස් කර ඇත.

     කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කෘෂිකාර්මික අංශයේ ක්‍රියාකාරකම් සංවර්ධනය සහ ආහාර සුරක්ෂිතතාවපිළිබඳව ඔවුන් මෙම යෝජනාව සකස් කර තිබේ.

     එහිදී අදහස් දැක්වූ මහාචාර්යවරුන් කියා සිටියේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි ආහාර අර්බුදයෙන් මිදීමට නම් එම යෝජනාව වහාමක්‍රියාත්මක කළ යුතු බවයි. මහාචාර්යවරුන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම, වනජීවී සහ වනජීවී සංරක්ෂණඅමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, එම යෝජනාවේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. පසුගිය මහ කන්නයේ දී සහ වත්මන් යල කන්නයේ දී ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන අනතුරේ වැටී ඇති බව ද ඔහු පැවසීය.

    මෙම අවස්ථාවට මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහාචාර්ය දේවිකා ද කොස්තා, මහාචාර්ය අරුණ කුමාර, මහාචාර්යසිවානන්දවේල්, මහාචාර්ය සමන් ධර්මකීර්ති, මහාචාර්ය මෙත්තිකා විතානගේ, මහාචාර්ය නාලිකා රණතුංග, මහාචාර්ය වර්ෂි දන්දෙණිය, මහාචාර්යනිලන්ත ලියනගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya