පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

    මැයි 31, 2022

     ලෝක දුම්කොළ විරෝධී දිනය අදයි

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම සරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර ඇත. 2022 වසර සදහා ලෝක දුම්කොළ නිවාරණ දිනයෙහි තේමාව වනුයේ දුම්කොළ අපගේ පරිසරයට තර්ජනයකි යන්නයි.

    දුම්කොළ ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා වැදගත් හේතුවක් වන අතරබෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි. දුම්කොළ වල වාණිජ නිෂ්පාදන ප්‍රධාන කාණ්ඩ දෙකකි. දුම් දුම්කොළසහ දුම් රහිත දුම්කොළ යන දෙකම සෞඛ්‍යයට අනතුරුදායක වන අතර කිසිදු ප්‍රතිලාභයක්ද ඉන් නොමැත. නිෂ්පාදකයාගේ මගපෙන්වීම යටතේ භාවිතා කළද ඒහි පරිශීලකයන්ගෙන් අඩක් පමණ මරා දමන එකම වාණ්ජ නිෂ්පාදනය දුම්කොළය.

    දුම්කොළ මගින් ලොව පුරා මිලියන 8කට අධික ජනතාවක් මියයන අතර ඔවුන්ගෙන් මිලියන 1.2ක් සාමාන්‍ය දුම් පානයට නිරාවරණය වීම හේතුවෙන් මියයයි. මැයි 31 දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් සැවොම එක්ව ක්‍රියාකිරීම පිළිබද අවධානය යොමු කෙරේ.

    2015 STEPS සමීක්ෂණයට අනූව ලාංකීය අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ගෙන් ¼ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් වන අතර ඔවුන්ගෙන් 15%ක් පමණ දුම්කොළ ආශ්‍රිත දුම්බීම පානය කරන්නන් ද, 15.8%ක් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කරන්නන් ද වෙයි.

    සෑම වසරකම සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලය මගින් අනෙකුත් පාර්ශවකරුවන්ගේද සහභාගීත්වය ඇතිව ලෝක දුම්කොළ විරෝධී දිනය සැමරීම සදහා විවිධ වැඩසටහන් කියාවට නංවයි. ඒ්වායේ මූලික අරමුණ වනුයේ ලාංකීය ජනතාව තුළ දුම්කොළ භාවිතය අවම කිරීමයි. 2022 වසරේ ලෝක දුම්කොළ විරෝධී දිනය තේමා කරගෙන ඇත්තේ දුම්කොළ මගින් සිදුවන පරිසර හානිය අවම කරගැනීමයි. දුම්කොළ වගාව, සැකසීම හා පරිභෝජනය යන සියලුම අවස්ථා වලදී පරිසර හානියක් සිදුවේ. ඒමනිසා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය අවම කිරීම මගින් දුම්කොළ මගින් සිදුවන පරිසර හානිය අවම කරගැනීමට හැකිවෙයි.

    එක්සත් ජාතීන්ගේ අංක 3.4 වන තිරසාර සංවර්ධන ඉලක්කය වනුයේ 2030 වසර වන විට බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ 1/3කින් අඩු කිරීමත්, වර්තමානයේ දුම්කොළ පරිභෝජනය කරන්නන්ගේ ව්‍යාප්තිය 40%කින් අවම කිරීමත් වෙයි.

    දුම්කොළ පරිභෝජනය වැළැක්වීම හා පාලනයට රුකුලක් වන ප්‍රධාන ක්‍රිාකාරකමක් වනුයේ දුම්කොළ භාවිතයෙන් තොර කලාප සහ දුම්කොළ භාවිතයෙන් තොර වැඩපල ස්ථාපනය කිරීමයි. මෙවැනි කලාප මගින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සැකසීම, විකිණීම, භාවිතය සහ ප්‍රවර්ධනය ඒම කලාප තුළ තහනම් කෙරෙයි. එමගින් එම ප්‍රදේශය තුළ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය අවම කරගැනීමට හැකිවනු ඇත.

    රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 08/99 සහ 11/2019 ද, සෞඛ්‍ය අමාත්‍යංශ චක්‍රලේඛ අංක 01-14/2018 සහ 40-1-43/2020 ද, අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ අංක 20/2020 ද මගින් සියලුම රාජ්‍ය ආයතන, සෞඛ්‍ය සේවා ආයතන හා අධ්‍යාපන සේවා ආයතන දුම්කොළ භාවිතයෙන් තොර කලාප ලෙස හදුන්වා ඇති බැවින් මෙම රාජ්‍ය ආයතන දුම්කොළ භාවිතයෙන් තොර ආයතන ලෙස ස්ථාපිත කිරීම පහසු වනු ඇත.

    දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ඔබට, මට මෙන්ම අප අවට පරිසරයටද ඉමහත් තර්ජනයකි. දැනුම්වත්වී ඒම තර්ජනයෙන් මිදෙමු.. දුම්කොළ භාවිතයෙන් තොර රටක් ගොඩනැගීමට උරදෙමු.

    සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya