උපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහාද රටේ අනාගතයත් තිබිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. රාජ්‍ය නොවන අංශ සහ පරිත්‍යාගශීලීන් සමගද එක්ව, මේ දුෂ්කර මොහොත ජයගෙන රට ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ (30 දින) පැවැති, දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ඩිප්ලෝමාධාරීන් සදහා සහතික ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
පෙර පාසල් ගුරුවරුන් ශක්තිමත් කිරීම සඳහා, ස්වදේශ කටයුතු මෙන්ම පළාත් පාලන අමාත්‍යවරයා ලෙස, රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන හරහා අවශ්‍ය මග පෙන්වීම කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කිරීමටද අපේක්ෂා කරන,බව ඔහු කීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද ප්‍රකාශ කළේය.
" අපේ රට වාසනාවන්ත රටක්. ඒත් මේ ගෙවෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයක්. මෙතැනින් හිස එසවීමට අනාගත පරපුරට ශක්තිය ලබාදිය යුතුයි. දරුවන් ජාතියේ අනාගතයයි. වෘත්තීය අධ්‍යාපන අවස්ථා සඳහා තව තවත් දොරටු විවෘත කළ යුතුයි. මේ අවස්ථාවේ රජයේ වියදම් කපාහරින්න සිදුවෙයි. ඒත් රාජ්‍ය නොවන අංශයට දිරි දිය යුතුයි. පෙර පාසල් ගුරුවරුන් පුහුණු කර පිළිගත් සහතිකයක් ලබාදුන් විට විදේශවල පවා රැකියා සොයාගත හැකියි. ලෝක නායකයන් සහස්‍ර ඉලක්ක සැකසීමේදී විශේෂයෙන් දරුවන්ගේ අනාගතය ගැන වැඩපිළිවෙළක් හැදුවා. "
මෙම ඩිප්ලෝමාධාරී සහතික ප්‍රදාන උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය සභාපති ජානක කමල්ගොඩ මහතා ඇතුළු එම අධ්‍යාපන ආයතනයේ ආචාර්ය මණ්ඩලයද, වෘත්තිකයෝ රැසක්ද එක්ව එක්ව සිටියහ .